By N YurangiMay 26, 2021UncategorizedLeave a Comment on දරුවාගේ අකුරු ලිවීමේ සංවර්ධන අවධීන් තේරුම් ගනිමු. * Pincer Grasp (10 months) Pincer grasp ලෙස හඳුන්වන්නේ ළදරුවකු තම දබර ඇඟිල්ල සහ මහපට ඇඟිල්ල ආධාරයෙන් යමක් ඇල්ලීමට ඇති හැකියාවයි. මෙම ග්‍රහණ හැකියාව දරුවා ලබා ගැනීමට තවත් වර්ධන අවධි පසු කළ යුතුය. ළදරුවෙකුට ග්‍රහණ රටා වර්ධනය වීමට පටන් ගත් විට, එය ආරම්භ වන්නේ මුළු හස්තය හෝ අත සම්බන්ධ වන ඉතා විශාල චලනයන් වර්ධනය මගිනි. ළදරුවන් වර්ධනය වන්නේ පළමුව විශාල චලන රටා දියුණුවෙන් පසුවය. එනම් පෙරළීම, වාඩි වීම, සහ බඩගා යාම ආදියයි. ග්‍රහණ රටා වර්ධනය පටන් ගන්නා විට මේ සියලු අවධි ළදරුවෙකුට වැදගත් වේ. ග්‍රහණ චලනයන් හා රටාවන් අත් කර ගන්නා විට අත ඔසවා ස්ථාවර කර ගැනීමට ඔවුන්ට හැකි වී තිබිය යුතුය. ඔබේ ළදරුවා තනිවම ඇඟිලි දෙකෙන් ඇහිඳගෙන ආහාර ලබා ගන්නවා වැඩිහිටියන් ලෙස ඔබ නිරීක්ෂණය කර ඇති. අකුරු ලිවීමට අත සුදානම් වීමට මෙම අවධිය ඉතා වැදගත් වෙයි. * Palmar Supinate Grasp (12 – 15 months) මෙම අවධියේදී දරුවා පැන්සල වටා මුළු අත්ලම යවා පැන්සල ග්‍රහණය කර ගනී. ලිවිම සඳහා තවමත් දරුවා සුදානම් නැත. මෙම චලනය යොදාගනිමින් දරුවා කුරුටු ගෑමට පටන් ගනී. * Digital Pronate Grasp (2 – 3 years) දරුවා දැන් ඇඟිලි පැන්සලෙහි පහළට යොමු කර ඇත. ඇඟිලි සහ මුළු අතේම ආයාසය ලිවීමේ උපකරණයට යොදා ගනී. සියලු ඇඟිලි යොදාගෙන ලිවීමේ උපකරණය අල්ලන අතර මෙම ග්‍රහණය දරුවාට හැන්ද අල්ලා තනිව ආහාර ගැනීමට උපකාර වෙයි. * Quadrupod Grasp (3-4 Years Old) මෙම කාලයේදී දරුවා ඇඟිලි 3ක් පැන්සල ඇල්ලීමට යොදා ගන්න අතර අනික් ඇඟිල්ලේ පැන්සල හේත්තු කර ගනී. මේ කාලයේදීද මැණික් කටුව සහ අත යොදාගෙන පැන්සල පාලනය කර ගනී. ලිවීමේ උපකරණ නිවැරදිව භාවිතය සදහා තවමත් අත දියුණු වී නැත. * Dynamic Tripod Grasp (5-6 Years Old)මේ අවදියේදී ඔවුන් වඩාත් පරිණත ග්‍රහණය භාවිතා කරයි. ඔවුන් පැන්සල මත ඇඟිලි තුඩු භාවිතා කරන අතර වැඩිහිටියකු මෙන් පැන්සල සිරස් අතට වඩා කෝණයක තබා ගනී. මැණික් කටුව සහ අත භාවිතය අවම වෙයි. අත මේසය මත තබාගෙන ලිවීමට හැකියාව ඇත. පළමු ඇඟිලි දෙකෙන් පැන්සල අල්වාගෙන මැදඟිල්ල මත හේත්තු වෙයි. 4 වන සහ 5 වන ඇඟිලි නැවී ඇති අතර මේසය මත අත ස්ථාවර කර ගැනීමට එය යොදා ගනී. මෙම වර්ධන අවධීන් දරුවාගෙන් දරුවාට වෙනස් විය හැකි අතර, මෙහි දක්වා ඇත්තේ සාමාන්‍යයෙන් වර්ධනය වන ආකාරයයි. කෙසේ වෙතත්, මෙය ඔබේ දරුවා ලිවීමේ අපූරු ලෝකය ගවේෂණය කිරීමට පටන් ගන්නා අයුරු පිළිබද අදහස් ලබා ගැනීමට උපකාරී වනු ඇතැයි සිතමි. මෙම ග්‍රහණ දියුණු කිරීමට දරුවාට උපතේ සිටම සියලු ඉන්ද්‍රියන් වර්ධනයට අවශ්‍ය විවිධාකාර ක්‍රියාකාරකම් කල යුතු බව වැඩිහිටියන් සිහි තබා ගත යුතුය. පෙර පාසල් වයසේ දරුවන්ට වඩාත් උචිත වන්නේ අකුරු ලිවීමට සුදානම් කිරිමට අවශ්‍ය ක්‍රියාකාරකම් කිරීමය. පෙර පාසල් වයසේ දරුවාට අවශ්‍ය වන්නේ පුර්ණ සංවර්ධනය සදහා ප්‍රයෝගික ක්‍රියාකාරම් වෙයි. එසේ ක්‍රියාකාරකම් කර අත සහ ඇස සංවර්ධනය කර ගන්නා දරුවාගේ අතේ මාංශ පේශීන් හොදින් දියුණු වී වඩාත් නිවැරදි චලන යොදාගනිමින් නිවැරදි අකුරු ලිවිම කරන බව ඔබට වැටහෙනු ඇත.